Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලේ දං දීමේ කදවුර සාර්ථකතව 10 වන වරටත්










කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලේ දං දීමේ කදවුර සාර්ථකතව 10 වන වරටත්
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර්,සෙන්තිල් මහතාගේ සංකල්පයකට අනුව කර්යාලීය නිළධාරීන් විසින් සංවිධානය කරන ලද ලේ දං දීමේ කදවුර 19 වන දින සාර්ථකතව පැවත් විය.ඒ කාර්යාලීය රැස්විම් ශාලාවේ දී ය.
ප්‍රාදේශිය ලේකම්තුමාගේ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිළ ධූර කාලයට වසර 5ක් සපිරීම මෙවර කදවුර පැවැත්වීමේ අරමුණ විය.
ලේ දංදීමේ කදවුර සදහා රුධිර පරිත්‍යාගශීලීන් 117දෙනෙකු ලියාපදිංචි වීමත් ඒ අතරින් ධායකයන් 96 එනෙකු රුධිරය පරිත්‍යාගය කිරීමත් මෙවර වැඩසටහනෙහි සුවිශේෂිත්වය විය.
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2026 වසරේ පලමු දින රාජකාරී ආරම්භය සර්වාගමික වතාවත් සිදුකරමින් ආරම්භ කලේය..















කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2026 උණුසුම්ව පිළිගනී...
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2026 වසරේ පලමු දින රාජකාරී ආරම්භය සර්වාගමික වතාවත් සිදුකරමින් ආරම්භ කලේය..
ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේක්ම් ආර් සෙන්තිල් මහතාගේ උපදෙස් හා මූලිකත්වයෙන් හා සියලු නිළධාරින්ගේ සහභාගිත්වයෙනි.
සියලු ආගම් වලින් ආශිර්වාද ලබා ගත් පසු රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබා දුන් ඔවුන් මහජන හිතෛෂී හා මහජන පක්ෂතී සේවයක් වෙනුවෙන් මෙලෙස නව වසරේ කටයුතු ආරම්භ කලහ.
2025 වර්ශයේ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවසන් ප්‍රගති සමාලෝචනය








කහටගස්දිගිය ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම කමිටුවේ ගරු සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පී.ඩී.එන් කේ පලිහේන මැතිතුමාගේ සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයෙන් කහටගස්දිගිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති සුසිල් ජයලත් මැතිතුමා සහ කොට්ඨාසය නියෝජනය කරන අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 165 කගේ පමණ සහභාගීත්වයෙන් 2025.12.23 දින පෙ.ව 9.00 ට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී ඉතා සාර්ථකව පවත්වන ලදි.
එහිදි අරමුණ පැහැදිලි කරමින් කහටගස්දිගිය ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ මෙය 2025 වර්ෂයේ පවත්වන අවසාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බැවින් කොට්ඨාසයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල භෞතික ප්‍රගතිය විමර්ශනය කිරීමත්, පවත්නා ගැටළු සාකච්ඡා කර ඒ සදහා ගතහැකි විසදුම් තීරණය කර, මෙම වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අනුමත වූ, කොට්ඨාසයේ සංවර්ධන ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවයි.
කහටගස්දිගිලිය ප්‍රාදේශිය සාහිත්‍ය උලෙළ 2025












සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ප්‍රාදේශීය සාහිත්‍යය උලෙළ පසුගිය 9වන දින කාර්යාලීය රැස්විම් ශාලාවේ දී පැවැත් විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයෙනි.
අංකුර කලා කරුවන් සොය යනු වස් වාර්ශිකව සංවිධානය කරන මෙම වැඩසටහනෙ දී ප්‍රාදේශිය මට්ටමින් ඉදිරිපත් කොට ජයග්‍රහණය ලැබූ සාහිත්‍යය නිර්මාණ හා කලාකරුවන් ඇගයීම සිදු කෙරිණ.
උතසවයේ අරමුණ පැහැදිලි කරමින් ප්‍රාදේශිය ලේකම්තුමා පවසා සිටියේ මේ සමාජය ගුණ ධර්ම සපිරි මනුසත් සමාජයක් කිරීමට නම් කලාව, සාහිත්‍ය හා ක්‍රීඩාව වෙත මීඩ වඩා රාජ්‍ය අනුග්‍රහය හිමි විය යුතු බවයි.
උතසවයේ ආරාධිත දේශකයා ලෙස පණ්ඩුල මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය සුගත් විජේසිංහයන් සභාගි විය


















