1

2

3

4

5

6

7

8

9

10

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙබරවාරි මාසයේ ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටුව රැස්විම කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයේ අද (11) දින කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වී ය.  
 
මෙහි දී ප්‍රදේශයේ ජනතාවගේ බොහෝ ගැටලු සම්බන්ධව සාකච්ඡා කර විසදුම් ලබා දෙන ලද අතර කෘෂි රක්ෂණ සමාගම මගින් නිශ්චිතවම ලබා දෙනු ලබන වගා හානි වන්දි ගෙවීම් වලට අමතරව සිදුවන ගොවීන්ගේ වෙනත් වගා හානි තක්සේරු කිරිමේදී, තක්සේරු කිරීම සඳහා තාක්ෂණික දැනුම ඇති නිශ්චිත නිලධාරියකු වෙත පවරා නොමැති වීමෙන් ගොවීන් මහත් අපහසුතාවට පත්වන අවස්ථා සම්බන්ධයෙන් විසදුමක් ලබාදිය යුතු බවට සාකච්ඡා කරන ලදි. 
 
තවද වන අලි ගැටලුව සදහා පිළියමක් ලෙස වනජීවී නිළදාරීන් හා එක්ව ඉදිරියේදී තල් ගස් රෝපණය කිරීම ආරම්භ කිරීම සදහාද සැලසුම් කර ඇති බව ප්‍රාදේශීය ලේකම් තුමා විසින් කමිටුව වෙත දැනුවත් කරන ලදි.
 
එමෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් කහටගස්දිගිලිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළදාරී විසින් අදහස් දක්වමින්, මෙම දිනවල ගොවින් ලියාපදිංචිය "farmernet.lk."යන නාමයෙන් දත්ත පද්ධතියක් සකස් කරමින් පවතින බවත් ඒ සඳහා ගොවින් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදි.

 

 

News & Events

27
ஜூலை2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
ஜூலை2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

குடியுரிமை சாசனம்

Scroll To Top