Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය









ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය
සුපිළිපන් රටක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ට්ජේමා කොට ගත් ජාතික සතිය කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ අද ආරම්භ විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලීය නිළධාරින්ගේ සහභාගීත්වයෙනි.
ජූලි මස 27වන දින සිට 31වන දින දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහනෙහි පුරවැසි ආචාරධර්ම යහපැවැත්ම ප්‍රවර්ධනය උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අභිප්‍රායයි .
රාජ්‍ය සේවකයන් විසින් ප්‍රතිඥාව ලබා දීමෙන් පසු ආරම්භ වූ වැඩසටහන පැහැදිලි කරමින් ප්‍රාදේශිය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ මෙය හුදෙක් සතියකට පමණක් සීමා නොවූ වැඩසටහනක් බවත් එය කෙටි කාලීන මෙන්ම දිගුකාලීන සැලසුම් සහිත ව්‍යාපෘතියක් බවත් ය.
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය








වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් සංරක්ෂණ සභා නිලවරණය පසුගිය 15වන දින කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය රැස්විම් ශාලාවේ දී පැවැත් විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ හා උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අධීක්ෂණ නිළධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් හා කහටගස්දිගිලිය දේශීය වෛද්‍ය සංවර්ධන නිළධාරී මනුප්‍රිය මහතාගේ සම්බන්ධිකරණයෙනි .
2021 වසරට පසුව මෙවර පැවැති නිලවරණයේ දී දේශීය වෛද්‍ය වරුන්ගේ ලියාපදිංචිය පිළිබදව හා දේශීය වෛද්‍ය කලාවේ උන්නතිය පිළිබදවත් පාරම්පරික වෛද්‍ය කලාව මතු පරපුරට දායාද කොට සංරක්ෂණය කිරීම පිළිබදවත් වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණ .
වසර හතකට පසු කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථීර ගණකාධිකාරිවරයෙක්


කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරීවරයා ලෙස ඒ.ජී.එන්.එම්. හේමසිරි මහතා පසු ගිය 10වන දින වැඩ භාර ගත්තේය.වසර 7ක් ස්ථිර ගණකාධිකාරි වරයෙක් නොමැතිව හිස් වූ තනතුරෙහි මෙලෙස එතුමා රාජකාරී ආරම්භ කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම් ආර් සෙන්තිල් මහතා ඉදිරියේ දීය.
2019 වසරේ පෙබරවාරි මස එවකට සිටි ගණකාධිකාරිවරයාගේ ස්ථාන මරුවීමෙන් පසු ඉකුත් වසර 7 තුල වැඩ බැලීමේ පදනම මත ගණකාධිකාරීවරුන් 5දෙනෙකු කාර්යාලයේ සේවය කලහ.
මෙලෙස ස්ථීර වශයෙන් ගණකාධිකාරීවරයෙකු පත් වීම කාර්යාලයේ රාජකාරි නිසි ක්‍රමවේදයට කඩිනමින් සිදු කිරීමට ඉමහත් පිටුවහලක් බව ප්‍රාදේශිය ලේකම්තුමා ප්‍රකාශ කර සිටියේ ය.
මාධ්‍ය අංශය
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෙබරවාරි මස ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රුස්විම පවත්වයි.










කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙබරවාරි මාසයේ ප්‍රාදේශිය කෘෂිකර්ම කමිටුව රැස්විම කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් ආර්.සෙන්තිල් මහතාගේ ප්‍රධානත්වයේ අද (11) දින කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වී ය.
මෙහි දී ප්‍රදේශයේ ජනතාවගේ බොහෝ ගැටලු සම්බන්ධව සාකච්ඡා කර විසදුම් ලබා දෙන ලද අතර කෘෂි රක්ෂණ සමාගම මගින් නිශ්චිතවම ලබා දෙනු ලබන වගා හානි වන්දි ගෙවීම් වලට අමතරව සිදුවන ගොවීන්ගේ වෙනත් වගා හානි තක්සේරු කිරිමේදී, තක්සේරු කිරීම සඳහා තාක්ෂණික දැනුම ඇති නිශ්චිත නිලධාරියකු වෙත පවරා නොමැති වීමෙන් ගොවීන් මහත් අපහසුතාවට පත්වන අවස්ථා සම්බන්ධයෙන් විසදුමක් ලබාදිය යුතු බවට සාකච්ඡා කරන ලදි.
තවද වන අලි ගැටලුව සදහා පිළියමක් ලෙස වනජීවී නිළදාරීන් හා එක්ව ඉදිරියේදී තල් ගස් රෝපණය කිරීම ආරම්භ කිරීම සදහාද සැලසුම් කර ඇති බව ප්‍රාදේශීය ලේකම් තුමා විසින් කමිටුව වෙත දැනුවත් කරන ලදි.
එමෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන් කහටගස්දිගිලිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළදාරී විසින් අදහස් දක්වමින්, මෙම දිනවල ගොවින් ලියාපදිංචිය "farmernet.lk."යන නාමයෙන් දත්ත පද්ධතියක් සකස් කරමින් පවතින බවත් ඒ සඳහා ගොවින් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදි.


















