Divisional Secretary 

Ds

 

 

Name Mr. R.Senthil
Qualification
  • B.B.A.(Financial management)
  • M.A.(Public Administration)
Work history
  • Assistant Divisional Secretary  -  Horowpothana Divisional Secretariat from 2013 to 2020.
  • Divisional Secretary  -  Horowpothana Divisional Secretariat from 2020 to 2021.

Assistant Divisional Secretary 

 

 ADS

 

 

Name Mr. K.Vijayruban
Qualification
  • Bachelor of Business Administration(HRM), University Of Jaffna
  • Masters in Public Administration & Management
Work history
  •  Assistant commissioner Land Title Settlement Department from 2020 to 2022

Accountant

 1115 Hemasiri Sir Name Mr. A.G.N.M. Hemasiri
Qualification
  • B.Sc in Business Economics
Work History
  • Accountant - Nachchaduwa Divisional Secretariat from 2021 to 2022
  • Accountant - Galenbindunuwewa Divisional Secretariat from 2023 to 2026

Assistant Director (Planning)

b dumy Name VACANT
Qualification  
Work History  

 

Administrative Officer 

 IMG 73081  Name  Mr. A.W.M.A.C. Sooriyampola
 Qualification  
  • ICT HN .Diploma ICT HN .Diploma
  • Software engineering foundation
  • LGN system Admin
  • Registered ICT visiting lecture in ETS campus
  • Management Service Officer I
 Work History  
  • Ds office Horowpothana 2005.09.15 to 2016
  • Ds office Mihinthlle 2016 to 2021
  • Ds office Kahatagasdigiliya 2016 to now

Assistant Divisional Registar 

 b dumy Name D.M. Piumi Shalika Dissanayaka
Qualification
  • B.A (Hons) in Sociology, University of Ruhunu
Work History
  • Kahatagasdigiliya Divisional Secretariat from 2026

Administrative Officer (Grama Niladhari)

  Name VACANT
Qualification
Work History

Financial Assistant

 b dumy Name N.R. Kanakarathna
Qualification
  • G.C.E - A/L
Work History
  • Padaviya Divisional Secretariat from 2008 to 2011
  • Horowpothana Divisional Secretariat from 2011 to 2025
  • Kahatagasdigiliya Divisional Secretariat from 2025 to now

 

 

 

 

අපගේ දැක්ම

නිවරදි මාවතක් තුලින් පැහැබර අනාගතයකට

අපගේ මෙහෙවර

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගිත්වයෙන් යුත් තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය තුළින්  ප්‍ර දේශයේ ජන ජීවිතය නංවාලීම

හැදින්වීම

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආර්ථික හා යටිතල පහසුකම් වල ක්‍රියාකාරිත්වය

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අතරින් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ආර්ථික හා යටිතල පහසුකම් වල සංවර්ධනයෙහි අද්විතීය ස්ථානයක් ගනු ලබන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකි.ආර්ථික හා යටිතල පහසුකම් වල ක්‍රියාකාරිත්වය සලකා බැලිමේදි පවුල් වල අදායම් මට්ටම,තුලාන් මට්ටමින් සමෘද්ධි ලබන පවුල් ,විදුලිබල පරිභෝජනය,ප්‍රවාහන පද්ධතිය,රැකියා ව්‍යුහය,ප්‍රෙද්ශය තුළ ව්‍යාප්ත වී ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වැදගත්ය.කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මූලික වශයෙන් කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජිවන රටාවක් පවති. ප්‍රධාන ජීවන උපාය මාර්ගය ලෙස වී වගාවද අතිරේක භෝග වගාවෙහි ද නියලෙන අතර රාජ්‍ය අංශයේ රැකියා කරන රාජ්‍ය සේවකයන් ද පෞද්ගලික අංශයේ රැකියා වල නිරත වන වෘත්තිකයන් ද ස්වයං රැකියා වල නිරත වන වෘත්තිකයන් ද ජීවත් වේ.

  විදුලිබල පරිභෝජනය ගැන සලකා බලන විට මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බහුතර පවුල් සංඛ්‍යාවකට විදුලිබල පහසුකම් පවතින අතර සුළුතරයකට විදුලිබල පහසුකම් නොපවති.දියුණු ප්‍රවාහන පද්ධතියක් පවතින අතර 2015-2016 අතර කාලය තුල ග්‍රාමිය මාර්ග පොදු ප්‍රවේශ මාර්ග ඉදි වෙමින් හා ඇතැම් මාර්ගයන් හි වැඩ කටයුතු නිම වි ඇත.මාර්ගස්ථ මගි ප්‍රවාහනය සදහා පෞද්ගලික අංශයේ බස් රථ මෙන්ම පොදු ප්‍රවාහන බස් රථ ද ගමනාගමනයේ නියලිම තුලින් සිඝ්‍රගාමි දියුණුවක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දක්නට ලැබේ.

  රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාප්තිය තුලින් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල වෙසෙන මහජනතාවට පුළුල් රාජ්‍ය මට්ටමේ සේවාවන් හා පෞද්ගලික මට්ටමේ සේවාවන් ඉටු කිරිමේ මහගු දායකත්වය තුලින් ඹවුන්ගේ ජීවන තත්ත්වය පවුල් වල ආර්ථික මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගෙන යාම සහ එමගින් මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිරසාර ආර්ථික සංවර්ධනයට මග පාදයි.   

 

පිහිටීම

උතුරු අක්ෂාංශ 8.10-8.35 හා නැගෙනහිර දේශාංෂ 80.45-81.01 අතර මෙහි භූගෝලිය පිහිටීම දක්නට ලැබෙන අතර පරිපාලන බෙදීම් වලට අනුව මධ්‍යම නුවරගම් පළාතට අයත් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මිහින්තලය ,ගලෙන්බිදුනුවැව,හොරොව්පොතාන,රඹාවැව හා කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින් මායිම් පවති.

     අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය අනුරාධපුර පූජා නගරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කි.මී.35.2ක් ගමන් කළ විට හමුවන කුඩා නගරය කේන්ද්‍ර කොටගත් වර්ග කි.මි.351.99 ක විශාලත්වයෙන් යුතු පිටිසරබද ජනාවාස වු ගම්මාන127ක්ද ඹල ගම්122ක්ද ඇතුලත් වු ප්‍රදේශයකි.පැරණි කෝරල බෙදිම් අනුව උඩ්ඩියන්කුලම කෝරලය ,කල්පේ කෝරලය සහ කනදරා කෝරලය ආදි කෝරල කිහිපයකට අයත් වේ.

     ගෝලිය වශයෙන් එතරම් විශාලත්වයක් මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැකිය හැකි අතර මෙම කොට්ඨාශය හරහා ගලන එකම දිය දහර යාන් ඹය පමණි. විශාල ප්‍රමාණයේ කදු දැකිය නොහැකි අතර තැනින් තැන ගල්, පස් සහිත සංස්කෘතික වටිනාකමක් සහිත කුඩා කදු වැටි දක්නට ලැ‍බේ. කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යේ දැකිය හැකි උස්ම ස්ථානය වන්නේ කොක්එබේ කන්දයි ප්‍රදේශයේ රතු දුඹුරු පස බෝග වගාවට ඉතා හිතකර තත්ත්වයක් පෙන්වයි. ප්‍රදේශය පුරා කුඩා මධ්‍යම පරිමාණයයේ වැව් 243ක් ඇති අතර එම ජලාශ වලට යට වු බිම් ප්‍රමාණය ව.කි.මී.6.99කි.ඉතිරි බිම් ප්‍රමාණය ව.කි.මී. 435කි. ජනාවාස නොවූ ඹලගම් නමින් හැදින්වෙන කුඩා වැව් ආශ්‍රිත කොටගෙන නව ජනාවාස ගොඩනැගෙමින් පවති.                  

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
රේමන් පෙරේරා 1991 1991
ඒ.එච්.එම්.පී. අබේසිංහ 1992 1994
ආර්.ඒ.ඩී. පෙරේරා 1994 1996
වාස් සිරිල් ගුනවර්ධන 1994 1996
ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් 1996.08.27 2001.08.31
එම්.පී.ඊ. රුක්මනි 2001.10.01 2005.01.31
ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) 2005.02.01 2005.06.07
කාන්ති පෙරේරා 2005.06.08 2007.07.05
ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) 2007.07.06 2008.03.31
කේ.ජී. ධර්මතිලක 2008.04.01 2013.06.30
අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.)

2013.07.01

2013.10.31
ඩී.පී. වික්‍රමසිංහ 2013.11.01  

2016 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 02 02 - - - -
ගණකාධිකාරී 02 01 01 - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 - 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 02 02 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 65 50 15 - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 04 02 02 - -  
භාෂා පරිවර්තක 02 - 02 - - -
රියදුරු 03 03 - - - -
කාර්යාල කාර්ය සහායක 12 12 - - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 01 - - - -
Scroll To Top