අපගේ දැක්ම

නිවරදි මාවතක් තුලින් පැහැබර අනාගතයකට

අපගේ මෙහෙවර

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය, ජනතා සහභාගිත්වයෙන් යුත් තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය තුළින්  ප්‍ර දේශයේ ජන ජීවිතය නංවාලීම

හැදින්වීම

කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආර්ථික හා යටිතල පහසුකම් වල ක්‍රියාකාරිත්වය

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ පවතින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අතරින් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ආර්ථික හා යටිතල පහසුකම් වල සංවර්ධනයෙහි අද්විතීය ස්ථානයක් ගනු ලබන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකි.ආර්ථික හා යටිතල පහසුකම් වල ක්‍රියාකාරිත්වය සලකා බැලිමේදි පවුල් වල අදායම් මට්ටම,තුලාන් මට්ටමින් සමෘද්ධි ලබන පවුල් ,විදුලිබල පරිභෝජනය,ප්‍රවාහන පද්ධතිය,රැකියා ව්‍යුහය,ප්‍රෙද්ශය තුළ ව්‍යාප්ත වී ඇති රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වැදගත්ය.කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මූලික වශයෙන් කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජිවන රටාවක් පවති. ප්‍රධාන ජීවන උපාය මාර්ගය ලෙස වී වගාවද අතිරේක භෝග වගාවෙහි ද නියලෙන අතර රාජ්‍ය අංශයේ රැකියා කරන රාජ්‍ය සේවකයන් ද පෞද්ගලික අංශයේ රැකියා වල නිරත වන වෘත්තිකයන් ද ස්වයං රැකියා වල නිරත වන වෘත්තිකයන් ද ජීවත් වේ.

  විදුලිබල පරිභෝජනය ගැන සලකා බලන විට මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බහුතර පවුල් සංඛ්‍යාවකට විදුලිබල පහසුකම් පවතින අතර සුළුතරයකට විදුලිබල පහසුකම් නොපවති.දියුණු ප්‍රවාහන පද්ධතියක් පවතින අතර 2015-2016 අතර කාලය තුල ග්‍රාමිය මාර්ග පොදු ප්‍රවේශ මාර්ග ඉදි වෙමින් හා ඇතැම් මාර්ගයන් හි වැඩ කටයුතු නිම වි ඇත.මාර්ගස්ථ මගි ප්‍රවාහනය සදහා පෞද්ගලික අංශයේ බස් රථ මෙන්ම පොදු ප්‍රවාහන බස් රථ ද ගමනාගමනයේ නියලිම තුලින් සිඝ්‍රගාමි දියුණුවක් ප්‍රවාහන ක්ෂේත්‍රයේ දක්නට ලැබේ.

  රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල ව්‍යාප්තිය තුලින් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල වෙසෙන මහජනතාවට පුළුල් රාජ්‍ය මට්ටමේ සේවාවන් හා පෞද්ගලික මට්ටමේ සේවාවන් ඉටු කිරිමේ මහගු දායකත්වය තුලින් ඹවුන්ගේ ජීවන තත්ත්වය පවුල් වල ආර්ථික මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගෙන යාම සහ එමගින් මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිරසාර ආර්ථික සංවර්ධනයට මග පාදයි.   

 

පිහිටීම

උතුරු අක්ෂාංශ 8.10-8.35 හා නැගෙනහිර දේශාංෂ 80.45-81.01 අතර මෙහි භූගෝලිය පිහිටීම දක්නට ලැබෙන අතර පරිපාලන බෙදීම් වලට අනුව මධ්‍යම නුවරගම් පළාතට අයත් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය මිහින්තලය ,ගලෙන්බිදුනුවැව,හොරොව්පොතාන,රඹාවැව හා කැබිතිගොල්ලෑව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලින් මායිම් පවති.

     අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය අනුරාධපුර පූජා නගරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ කි.මී.35.2ක් ගමන් කළ විට හමුවන කුඩා නගරය කේන්ද්‍ර කොටගත් වර්ග කි.මි.351.99 ක විශාලත්වයෙන් යුතු පිටිසරබද ජනාවාස වු ගම්මාන127ක්ද ඹල ගම්122ක්ද ඇතුලත් වු ප්‍රදේශයකි.පැරණි කෝරල බෙදිම් අනුව උඩ්ඩියන්කුලම කෝරලය ,කල්පේ කෝරලය සහ කනදරා කෝරලය ආදි කෝරල කිහිපයකට අයත් වේ.

     ගෝලිය වශයෙන් එතරම් විශාලත්වයක් මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැකිය හැකි අතර මෙම කොට්ඨාශය හරහා ගලන එකම දිය දහර යාන් ඹය පමණි. විශාල ප්‍රමාණයේ කදු දැකිය නොහැකි අතර තැනින් තැන ගල්, පස් සහිත සංස්කෘතික වටිනාකමක් සහිත කුඩා කදු වැටි දක්නට ලැ‍බේ. කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ‍යේ දැකිය හැකි උස්ම ස්ථානය වන්නේ කොක්එබේ කන්දයි ප්‍රදේශයේ රතු දුඹුරු පස බෝග වගාවට ඉතා හිතකර තත්ත්වයක් පෙන්වයි. ප්‍රදේශය පුරා කුඩා මධ්‍යම පරිමාණයයේ වැව් 243ක් ඇති අතර එම ජලාශ වලට යට වු බිම් ප්‍රමාණය ව.කි.මී.6.99කි.ඉතිරි බිම් ප්‍රමාණය ව.කි.මී. 435කි. ජනාවාස නොවූ ඹලගම් නමින් හැදින්වෙන කුඩා වැව් ආශ්‍රිත කොටගෙන නව ජනාවාස ගොඩනැගෙමින් පවති.                  

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
රේමන් පෙරේරා 1991 1991
ඒ.එච්.එම්.පී. අබේසිංහ 1992 1994
ආර්.ඒ.ඩී. පෙරේරා 1994 1996
වාස් සිරිල් ගුනවර්ධන 1994 1996
ජී.ඒ.ජේ. සිල්වෙස්ටර් 1996.08.27 2001.08.31
එම්.පී.ඊ. රුක්මනි 2001.10.01 2005.01.31
ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) 2005.02.01 2005.06.07
කාන්ති පෙරේරා 2005.06.08 2007.07.05
ඒ.ජේ. කරුණාරත්න (වැ.බ.) 2007.07.06 2008.03.31
කේ.ජී. ධර්මතිලක 2008.04.01 2013.06.30
අමල් ජේ.එස්.එස්. එදිරිසූරිය (වැ.බ.)

2013.07.01

2013.10.31
ඩී.පී. වික්‍රමසිංහ 2013.11.01  

News & Events

27
ජූලි2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
ජූලි2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top