Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
Ditwah සුළි කුණාටුවෙන් පීඩිත කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් සඳහා වියළි සළාක බෙදාදීම සිදු කෙරිණි




Ditwah සුළි කුණාටුව හේතුවෙන් දිවයිනම දැඩි කේදවාචකයකට ලක්ව, දැනට එය දිවයිනෙන් බැහැරට ගොස් ඇත. මෙම සුළි කුණාටුව හේතුවෙන් සියලු ජන ජීවිත අඩාල වී, ජීවිත හානි, දේපොළ හානි සහ වගාවන්ට දැඩි හානි සිදු විය. සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගියද, ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම හා ජනතාවගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා ජනතාවටත් අපටත් මහගු වගකීමක් පවතී.
මෙම සුළි කුණාටු ආපදාව හේතුවෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් 597ක් පීඩාවට පත් විය. කොට්ඨාශභාර ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මැතිතුමාගේ මූලිකත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ආපදා නිලධාරීන්, සහ නිසැක තොරතුරු ලබාදුන් ග්‍රාම නිලධාරීතුමන්ලා ඇතුළු සියලු නිලධාරීන්ගේ එකමුතු සහ කැපවූ සහයෝගයෙන් වියළි සළාක බෙදාදීම අද දින උදෑසන සිට ආරම්භ කෙරිණි.
අවතැන් වූ පවුල් 597 අතරින්, 2025 නොවැම්බර් මස 30 වන අද දින අවසන් වන විට, ඇල්ලවැව, බේත්කෑව, පාලිප්පොතාන, රත්මල්ගහවැව, මහමැස්සලාව, කහටගස්දිගිලිය නැගෙනහිර සහ බටහිර, මහ කිරිබ්බෑව සහ තුරුක්කුරාගම යන වසම්වල වෙසෙන පවුල් 227කට වියළි සළාක බෙදාදීම සාර්ථකව අවසන් කර ඇති අතර, අනෙක් පවුල් සඳහාද හෙට දින වියළි සළාක බෙදාදීමට අපේක්ෂා කරයි.
කහටගස්දිගිලිය තිරසර ප්‍රජා පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයෙන් මැහුම් හා අත්කම් ප්‍රදර්ශනයක්

























