







වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය
කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් සංරක්ෂණ සභා නිලවරණය පසුගිය 15වන දින කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලීය රැස්විම් ශාලාවේ දී පැවැත් විය.ඒ කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් ආර් සෙන්තිල් මහතාගේ හා උතුරු මැද පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය අධීක්ෂණ නිළධාරීතුමාගේ ප්‍රධානත්වයෙන් හා කහටගස්දිගිලිය දේශීය වෛද්‍ය සංවර්ධන නිළධාරී මනුප්‍රිය මහතාගේ සම්බන්ධිකරණයෙනි .
2021 වසරට පසුව මෙවර පැවැති නිලවරණයේ දී දේශීය වෛද්‍ය වරුන්ගේ ලියාපදිංචිය පිළිබදව හා දේශීය වෛද්‍ය කලාවේ උන්නතිය පිළිබදවත් පාරම්පරික වෛද්‍ය කලාව මතු පරපුරට දායාද කොට සංරක්ෂණය කිරීම පිළිබදවත් වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණ .












