IMG 2910

IMG 2925

IMG 2926

IMG 2914

Ditwah සුළි කුණාටුව හේතුවෙන් දිවයිනම දැඩි කේදවාචකයකට ලක්ව, දැනට එය දිවයිනෙන් බැහැරට ගොස් ඇත. මෙම සුළි කුණාටුව හේතුවෙන් සියලු ජන ජීවිත අඩාල වී, ජීවිත හානි, දේපොළ හානි සහ වගාවන්ට දැඩි හානි සිදු විය. සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගියද, ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම හා ජනතාවගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම සඳහා ජනතාවටත් අපටත් මහගු වගකීමක් පවතී.

මෙම සුළි කුණාටු ආපදාව හේතුවෙන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් 597ක් පීඩාවට පත් විය. කොට්ඨාශභාර ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් මැතිතුමාගේ මූලිකත්වයෙන්, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ආපදා නිලධාරීන්, සහ නිසැක තොරතුරු ලබාදුන් ග්‍රාම නිලධාරීතුමන්ලා ඇතුළු සියලු නිලධාරීන්ගේ එකමුතු සහ කැපවූ සහයෝගයෙන් වියළි සළාක බෙදාදීම අද දින උදෑසන සිට ආරම්භ කෙරිණි.

අවතැන් වූ පවුල් 597 අතරින්, 2025 නොවැම්බර් මස 30 වන අද දින අවසන් වන විට, ඇල්ලවැව, බේත්කෑව, පාලිප්පොතාන, රත්මල්ගහවැව, මහමැස්සලාව, කහටගස්දිගිලිය නැගෙනහිර සහ බටහිර, මහ කිරිබ්බෑව සහ තුරුක්කුරාගම යන වසම්වල වෙසෙන පවුල් 227කට වියළි සළාක බෙදාදීම සාර්ථකව අවසන් කර ඇති අතර, අනෙක් පවුල් සඳහාද හෙට දින වියළි සළාක බෙදාදීමට අපේක්ෂා කරයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

News & Events

27
Jul2026
ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය

ජාතික සුපිළිපන් සතියට කහටගස්දිගිලියේ සමාරම්භය   සුපිළිපන්...

27
Jul2026
වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ සංරක්ෂණ සභා නිලවරණය

  වසර 5කට පසු පැවැත් වූ කහටගස්දිගිලියේ...

Scroll To Top